Shah Rukh Khan/ශාරුක් කාන් ගැන
1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබයි. ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පියෙක් වන අතරම, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකුද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකුද වේ.
ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශකයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ "දීවානා" (Deewana - 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත. මොහුගේ රංගන දිවිය තුළ ඔහු "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උළෙලේ (Filmfare Awards) සම්මාන දහතුනක් හිමිකරගෙන ඇති අතර, එයින් හතක්ම ඔහු හිමිකරගෙන ඇත්තේ "හොඳම නළුවා" අංශයෙනි.
දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ (1995), කුච් කුච් හෝතා හේ (1998), චක් දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) යන ඉහත කී චිත්‍රපටි ෂාරුක් ඛාන්ගේ රංගන දිවියේ අමතක නොවන සටහන් අතර අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවන් පෙන්නුම් කෙරෙන චිත්‍රපටි අතර වේ. එමෙන්ම කබි කුෂි කබි ගම් (2001), කල් හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන ඔහු රංගන දායකත්වය දැක්වූ චිත්‍රපටි ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටි අතර ප්‍රමුඛස්ථානයක් ගනී. 2000 වර්ෂයේ සිට ෂාරුක් ඛාන් රංගධාරියකු වශයෙන් පමණක් නොව චිත්‍රපටි නිෂ්පාදකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් කරළියට පැමිණේ. ඔහු මේ වන විට "ඩ්‍රීම්ස් අන්ලිමිටඩ්" සහ "රෙඩි චිලීස්" යන ආයතනයන් දෙකෙහි හිමිකාරත්වය දරනු ලබයි. 2008 වර්ෂයේදී නිව්ස් වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයින් 50දෙනා අතරට නම් කරනු ලබයි.
මුල් ජීවිතය සහ පවුලසංස්කරණය

1965දී මුස්ලිම් පතන් ජාතික දෙමාපියන්ට දාව ඉන්දියාවේ නවදිල්ලි නගරයේ උපත ලබන ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියානු නිදහස වෙනුවෙන් සටන් කරන ලද නිදහස් සටන්කාමියෙකු වූ ටජ් මොහොමඩ් ඛාන් නම් වේ. ෂාරුක් ඛාන්ගේ විස්තරයට අනුකූලව, ඔහුගේ පියාගේ සීයා ඇෆ්ගන් ජාතිකයෙකු වේ. සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ ඉන්දියානු ජාතික හමුදාවේ ජංජුවා රාජ්පුත් සංවිධානයේ මේජර් ජනරාල් වරයෙකු වූ ෂවාස් නවාස් ඛාන් විසින් හදා වඩා ගත් දියණියක වන ලතීෆ් ෆාතිමා, ෂාරුක් ඛාන්ගේ මෑණියන් වේ. ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියාව වෙන් කිරීමට පෙර පෙෂ්වාර්හී, ක්වීසා ඛවානි බසාර් ප්‍රදේශයෙන් නව දිල්ලියට පැමිණියකු වන අතර. මව රාවල්පිණ්ඩි ප්‍රදේශයේ ජීවත් වන්නියක් විය. ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරියගේ නම ෂෙනාස් නම් වේ.
ක්‍රීඩා, නාට්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර තුනෙන්ම සිය පාසල් දිවියේ දස්කම් පෑ ෂාරුක් ඛාන්ගේ මුල් පාසල වූයේ ශාන්ත කොලුම්බා පාසලයි. පාසල නියෝජනය කරමින් පාසලේ ගෞරවය වෙනුවෙන් කැපවන පාසල් ශිෂ්‍යයෙකුට වාර්ෂිකව ලබා දෙනු ලබන ගෞරවනීය අසිපත සම්මානය ඔහු එම පාසලේ අධ්‍යාපනය ලබද්දී හිමි කරගැනීමට සමත් විය.
ෂාරුක් ඛාන් ඉන්පසු, හන්සරාජ් විද්‍යාලයට (1985-1988) ඇතුළත් වන අතර ආර්ථික විද්‍යා උපාධිය හිමිකරගනු ලබන අතර ඒත් සමඟම ජමියා මිලියා ඉස්ලාමියා විද්‍යාලයෙන් ජන සන්නිවේදන අංශයෙන් උසස් උපාධිය හිමි කරගනී. ඉන් අනතුරුව ඔහු සිය බොලිවුඩ් රංගනශිල්පියෙකු වශයෙන් කලා දිවිය අරඹනු ලබයි.
සිය දෙමව්පියන්ගේ මරණයෙන් අනතුරුව ෂාරුක් ඛාන් 1991 වර්ෂයේදී මුම්බායි නගරයට පැමිණෙයි. එම වසරේදීම, ඔහු ඔහුගේ කිසිදු චිත්‍රපටියක් නිකුත් වීමටද පෙර හින්දු ජාතික ගෞරී චිබ්බර්ව සම්ප්‍රදායික හින්දු විවාහ උත්සවයක් සමඟින් 1991 ඔක්තෝබර් 25වෙනි දින විවාහ කරගනු ලබන අතර, ඔහු පුත් ආර්යන් (උ: 1997) සහ දියණිය සුහානාගේ (උ: 2000) පිය පදවිය ලබයි. දැඩි අල්ලාහ් දේව භක්තිකයෙකු වන ෂාරුක් ඛාන් සිය බිරිඳගේ ආගමික විශ්වාසයටද ගරු කරයි. නිවසේදී, ඔහුගේ දරු දෙදෙනා එක ළඟ තබනු ලැබූ කුරානය හා හින්දු දෙවියන් සමඟින් ඉස්ලාම් ආගම හා හින්දු ආගම යන ආගම් දෙකම අදහයි.
2005 වර්ෂයේදී, නස්රීන් මුනි කබීර් විසින් ෂාරුක් ඛාන්ගේ ජීවන චරිතය අළලා 2004 ටෙම්ප්ටේෂර් සංදර්ශන චාරිකාවද උපයෝගී කරගනිමින් දි ඉනර් ඇන්ඩ් අවුටර් වර්ල්ඩ් ඔෆ් ෂාරුක් ඛාන් (ෂාරුක් ඛාන්ගේ පිටත හා ඇතුළත ලෝකය) නමින් වාර්තාමය චිත්‍රපටියක් කොටස් දෙකකින් යුතුව නිර්මාණය කරනු ලබයි. ෂාරුක් ඛාන්ගේ ඇතුළත ලෝකය ලෙසින් ඔහුගේ බිරිඳ හා දරුවන් ලෙසත්, පිටත ලෝකය ලෙස ඔහුගේ රංග කලා වැඩකටයුතුද එම වාර්තාමය චිත්‍රපටිය හරහා ලෝකයා වෙත විවෘත කරන ලදී. ෂාරුක් ඛාන්ගේ පවුල් ජීවිතය අළලා ලියැවුනු ස්ටිල් රීඩිං ඛාන් පොත 2006 වසරේදී වෙළඳපොළ වෙත නිකුත්විය. එම පොතේ කර්තෘ වන අනුපම් චොප්රාගේම තවත් පොතක් වන කින්ග් ඔෆ් බොලිවුඩ්: ෂාරුක් ඛාන් ඇන්ඩ් ද සිඩක්ටිව් වර්ල්ඩ් ඔෆ් ඉන්දියන් සිනෙමා (බොලිවුඩ් පුරවරයේ රජු: ෂාරුක් ඛාන් සහ චිත්තාකර්ශනීය ඉන්දියානු සිනමාව) යන පොත 2007 වර්ෂයේ නිකුත් විය. ෂාරුක් ඛාන්ගේ ජීවිතය හරහා බොලිවුඩ් පුරවරය අත්විදීම යන අර්ථයෙන් එම පොත ලියැවී තිබිණ.
ෂාරුක් ඛාන් වර්තමානය වන විට විවිධ වූ සම්මානයට පාත්‍ර වී ඇත. පද්ම ශ්‍රී සම්මානයෙන් ඉන්දියාවේ සිව්වැනි පුරවැසියා සම්මානයෙන් ඉන්දීය ආණ්ඩුව ෂාරුක් ඛාන් වෙත සිය සම්මාන පුදකරන ලද්දේ වර්ෂ 2005දී ය. 2007 වර්ෂයේදී, ඉටිවලින් නිමැවුනු ඔහුගේ අනුරුවක් මැඩම් ටුසෑඩ් ඉටි රූ කෞතුකාගාරයේ ස්ථාපනය කරන ලදී. තවත් ඉටි අනුරුවක් පැරීසියේ Musée Grévin හිදී එම වසරේදීම ස්ථාපනය කරන ලදී. 2009 වසරේදී ඔහු බෙඩ්ෆෝෂයර් විශ්වවිද්‍යාලයෙන් කලාව හා සංස්කෘතිය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගන්නා ලදී.
සම්මාන හා පිළිගැනීම්
ඛාන් යනු බොලිවුඩයේ වඩාත් අලංකාර නළුවෙකි.ඔහුට නාම යෝජනා 30 කින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් සහ විශේෂ සම්මාන 281 ලැබී ඇත.
Comments
Post a Comment